ජතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ආයතන මට්ටමින් කරනු ලබන අමතරව එහි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට කටයුතු කරමින් සිටින බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේයැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අධිකාරියට ඊයේ (27) දැනුම් දී තිබිණි.
ඊට අදාළ වාර්තාව ඊයේ (27) විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ලබාදීමෙන් පසුව ඔහුගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවදනිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
මෙම මූල්‍ය වංචාව පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය නිසි විමර්ෂණයක් සිදුකර නොමැති බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ එල්ලවූ චෝදනාව ප්‍රතික්ෂේප කරන සාමාන්‍යාධිකාරීවරයා මීට අදාළ මුල් පැමිණිල්ල නිර්ණාමික දුරකථන ඇමතුමක් ලෙස එවකට දිස්ත්‍රික් කළමණාකාරවරයාට ලැබුනේ මෙම වසරේ මාර්තු මාසයේදී බවත් දිස්ත්‍රික් කළමණාකාරවරයා ඒ පිළිබඳව තමන් දැනුවත් කිරීමෙන් පසුව ප්‍රධාන කාර්යාලය මගින් විමර්ෂණ ආරම්භ කළ බවත් සඳහන් කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහත්වරු අදාළ තනතුරු සදහා පත්වීමෙන් පසු මීට අදාළ පරීක්ණ කඩිනම් කෙරිණි.
ඒ අනුව අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදුකළ විමර්ෂණයේ අවසන් වාර්තාව පසුගිය නොවැම්බර් මස 17 වැනිදා නිකුත් කර තිබේ.
ආයතනික මට්ටමින් සිදුකළ පරීක්ෂණයෙන් අණාවරනයවී ඇත්තේ මෙම මූල්‍ය වංචාව 2018 වසරේසිට 2022 වසරේ මුල් කාර්තුව දක්වා සිදු කර ඇති බවයි. එමෙන්ම එම සිද්ධියට අදාළ ලිපි ලේඛණ කොටසක් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඊට සම්බන්ධයැයි මේ වනවිට අණාවරණයවී ඇති ගණකාධිකාරී, ගිණුම් නිළධාරී ඇතුළු නිළධාරීන් 9 දෙනෙකුගේ වැඩ මේවනවිට තහනම් කර ඇති අතර අදාළ වැඩ තහනම සිදුකර ඇත්තේ විමර්ශණවල ප්රථිඵලයක් ලෙසය. එමෙන්ම ඔවුන්ට නිවාස අධිකාරියට අදාළ කිසිදු ආයතනයකට ඇතුළු වීමද තහනම් කර ඇත. එමෙන්ම චෝදනාවට ලක්වී ඇති තවත් නිළධාරීන් 4 දෙනෙකු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරිමින් පවතින බවද සාමාන්‍යාධිකාරිවරයා කියයි.
එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියතුළ ඉදිරියේදී මෙවැනි වංචාවන් සිදුනොවීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ද ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි විශේෂ අවධානය යොමුකර තිබෙන බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා සඳහන් කරයි.
ඒ සඳහා පරිඝණක දත්ත ගබඩා කර ගැනීම, මාසිකව ගෙවූ මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් කාර්යාලය මගින් එස්.එම්.එස් මගින් ණය හිමියා දැනුවත් කිරීම වැනි මූලික ක්‍රියාමාර්ග දැනට ක්‍රියාත්මක කරනු ලබයි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් පියවර කිහිපයක් ගැනීමට අපේක්ෂා කරන බවද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටී.