කලුතර බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 65ක් බෝගම්බරට
- 26 04 2020
- 20:55
- {{hitsCtrl.values.hits}} views
- ..
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් හැටපස් දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කලුතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය .
කලුතර බන්ධනාගාර ගත කෙරෙන නවක රිමාන්ඩ් පුද්ගලයන්ට පිරිමි රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් නිරෝධායනය ට ලක් කළ යුතු නිසා කාන්තා අංශයේ රැඳවියන් මෙසේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මාරුකර යැවීමට කටයුතු කළ බව කලුතර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා අද (26) සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පිරිමි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන බැවින් එම පිරිස් වලට රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා කාන්තා රැඳවියන් මාරුකර යැවීමට කටයුතු කර තිබේ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
