කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවන අතර සබරගමුව පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැස් ස්ථානවලට මිල මීටර් 100ට තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරු 4.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පස්වරු 4.30 තෙක් වලංගු වෙයි.