ඇමෝනියා නයිට්රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර අධික මිලකට විකිණීමට උත්සාහ දැරූ ව්‍යාපාරිකයෙක් සහ තවත් පුද්ගලයෙක් කළුතර දකුණ උක්වත්ත අධිවේගී ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි
සැකකරුවන් සමග ඇමෝනියා නයිට්රේට් කිලෝ දහයක් ප්‍රවාහනයට යොදාගත් තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත
ඇමෝනියා නයිට්රේට් කිලෝ එකක් රුපියල් 10,000 ක මිලකට අලෙවි කරන ස්ථානයක් පිළිබඳ බස්නාහිර පළාත් බුද්ධි අංශයේ බණ්ඩාරගම පොලිසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරුන් වන 77780 සම්පත් සහ 88934 කරුණාජීව නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුවබස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කොට්ඨාසය අධ්‍යක්ෂකවරයා සහ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන්ගෙන් ඇමෝනියා නයිට්රේට් කිලෝ දහයක් ඇනයුම් කර එය රැගෙන ඒමෙන් අනතුරුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා කළුගල් මෝලක හිමිකරුවකු වන අතර බලපත්‍ර මත කළුගල් කැඩීමට යොදා ගන්නා ඇමෝනියා නයිට්රේට් පුපුරණ ද්‍රව්‍ය ලබා ගෙන ඒවා අධික මිලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක සිට සිදුකර ඇති බව සැක කරන බව පොලිසිය කියයි
මෙම පුපුරන ද්‍රව්‍ය අපරාධකරුවන් අතට පත් කර ඇද්ද ? යන්න සොයා දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව වැටලීම සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසීය
අත්අඩංගුවට ගත් ව්‍යාපාරික වයස අවුරුදු 62 ක් වන කළුතර දකුණ කිතුල වල පදිංචිකරුවකු වන අතර ත්‍රීරෝද රථ රියදුරු වයස අවුරුදු 56 ක් වන එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකි
සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක පොලිස් පරීක්ෂක තිලකරත්න , බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ බණ්ඩාරගම පොලීසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරුන් වන 77780 සම්පත් , 88934 කරුණාජීව මහත්වරු පරීක්ෂණ පවත්වයි