කලාපය පුරා ක්‍රියාකාරී සහයෝගයක් අවශ්‍යයි
කොවිඩ්-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ දී කලාපය පුරා ක්‍රියාකාරී සහයෝගීතාවයේ තීරණාත්මක අවශ්‍යතාව පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද (27දා) පැවැති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වෙමින් මේ බව පැවැසීය.
එහිදී කොවිඩ්-19 ට ප්‍රතිචාර දැක්වීම සඳහා සහයෝගීතාව තහවුරු කිරීම සහ පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිමත් වීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම, මෑත දී කොවිඩ්-19 ආසාදන ඉහළ යාම මධ්‍යයේ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
කොවිඩ්-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ දී ක්‍රියාකාරී සහයෝගීතාවයේ තීරණාත්මක අවශ්‍යතාව පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මහතා සිය අදහස් දැක්වීමේ දී අවධාරණය කළේය. කො
විඩ්-19 වසංගතය නිසා ඇති වන අභියෝගයන්ට මුහුණ දීමේ දී ආර්ථික ප්‍රකෘතිය සහ ග්‍රාමීය ජීවනෝපාය නංවාලීම සඳහා ජාතික ප්‍රමුඛතා ඉදිරියට ගෙනයාමට රටවලට උපකාරී වන අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම විදේශ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.
තවද, එක්සත් ජාතීන්ගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම යටතේ, අවශ්‍යතාවය පවතින ජාතීන් සඳහා තීරණාත්මක වෛද්‍ය උපකරණ, ඖෂධ සහ එන්නත් අඛණ්ඩව හා සාධාරණ අන්දමින් පවත්වා ගෙන යාම සඳහා සුදුසු පියවර ගැනීම වසංගතය පාලනය කිරීම සහ එය නැවත ඇති වීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව අමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
ස්වාභාවික හා වෙනත් ආපදාවල දී හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳ ගැටළු විසඳීමේ ක්‍රියාවලියක්, තාක්ෂණය සහ වෙනත් මෙවලම් භාවිතය සහ ග්‍රාමීය ආර්ථිකයන්හි දරිද්‍රතාවය පිටු දැකීමේ වේදිකා, මෙම ඵලදායී ප්‍රතිචාරයේ හරය තුළ තිබිය යුතු බව සහභාගී වූ නිලධාරීන්ගේ මතය විය.

රාජ්‍ය මන්ත්‍රණ සභික වැන්ග් යී (චීනය), මිර්වායිස් නබ් (ඇෆ්ගනිස්ථානය), ඒ. කේ. අබ්දුල් මේමොන් (බංග්ලාදේශය), ප්‍රදීප් කුමාර් ගයාවාලි (නේපාලය) සහ මක්දූම් ෂා මහමුද් කුරේෂි (පාකිස්තානය) මේ සඳහා සහභාගී වූ රටවල නියෝජිතවරුන් අතර වූහ.
popular news
-
Demuni Uduwara Wednesday, 28 April 2021 04:53 AM
Where is our neighbour - India? Don't be ungrateful.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

