කල්වේලා ඇතිව ඡන්ද පොළ වෙත යන ලෙසත් ඡන්දය භාවිත කිරීමට අනන්‍යතා පත්‍රයක් අනිවාර්යෙන්ම රැගෙන යන ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කරයි.
ඡන්දය භාවිත කිරීමෙන් පසු ඡන්ද පොළ අවට ගැවසීමකින් තොරව නිවෙස්වලට ගොස් සාමාන්‍ය කටයුතුවල නිරතවන ලෙසද ඔහු පවසයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවත් නොමැතිව වුවත් ඡන්දය භාවිත කළ හැකි බවත් ඡන්ද පොළ තුළ ඡයාරූප ගැනීම විඩියෝගත කිරිම තහනම් බවත් මෙවැනි දේවල් සමාජ මාධ්‍ය ජලාවල ප්‍රදර්ශනය කිරිමත් තහනම් බවත් හෙතෙම පවසා සිටියේය.
ඡන්ද පොළට මත් ද්‍රව්‍ය පානය කර හෝ දුම්පානය කර ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවත් ඡන්ද පත්‍රිකාවේ තිබෙන දේශපාලන පක්ෂ සලකුණ හෝ ස්වාධීන කණඩායම් සලකුණට ඉදිරියෙන් තිබෙන හිස් කොටුවේ එකම එක කතිරයක් යෙදා ඡන්දය භාවිත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.