ශ්‍රී ලංකාව චිනයේ බැංකුවලින් ලබාගෙන මේ වන විට කල්පිරී ඇති ණය සාර්ථකව හසුරුවා ගැනීම වෙනුවෙන් එම බැංකු ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අවධානය යොමුකර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා අතර පැවැති සාකච්ඡාවේදී මෙම කරුනු අණාවරණය විය.
පසුගිය 14 දා පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවට චීනය විසින් ලබාදෙන සහාය ප්‍රධාන, වෙළඳ එා අයෝජන ලෙස අඛණ්ඩව ලබාදෙන බව චීන තානාපතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසදා ගැනීමේ පියවරක් ලෙස චීනය හා ශ්‍රී ලංකාව එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපාර අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටත් මෙහෙිදී අවධානය යොමුවිය.
එසේම මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මෙන්ම සේවා නියුක්තියට වැදගත් දායකත්වයක් ලබාදෙන බව දේපාර්ශ්වය අවධාරණය කළේය.
මෙහිදී චීන තානාපතිවරයා සඳහන් කළේ චීනය හා ශ්‍රී ලංකාව එක්ව ශ්‍රී ලංකාාවේ ක්‍රියාත්මක කරන හවුල් ව්‍යාපාර වල ලාංකිකයන් 11000ක් පමණ වැඩ කරන බවත් කොවිඩ් 19 ඇතුළු අනෙකුත් අර්බුද මධ්‍ය යේ පවා තම සේවකයන්ගේ වැටුප් වැඩිකිරිමට එම සමාගම් කටයුතු කර ඇති බවයි.
කොළඹ වරාය නගරය, හම්බන්තො වරාය හා කාර්මික උද්‍යානය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එක්ව වැඩ කරන බවත් ශ්‍රී ලංකාවට වැඩි විදේශ අයෝජන ලබාගැනීමට අවධානය යොමුකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරිමට අපේක්ෂා කරන චින හා ලෝක ආයෝජකයන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
