කල්පිටිය මුහුදු තීරයේ කැස්බෑ දඩයම ඉහළ යයි
කල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමග වනජීවි නිලධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට වැඩ කටයුතු කර ඇති බව කල්පිටිය වනජීවි නිලධාරින් පවසති.
දින දෙකක් ඇතුළත කැස්බෑවන්ට දරුණු ලෙස තියුණු ආයුධ වලින් පහර දි මරා දැමිමට උත්සාහ කළ අවස්ථා දෙකකදී විශාල කැස්බෑවන් දෙදෙනෙකු හමුවිමත් සමග මෙසේ කල්පිටිය මුහුදු තිරයේ ජංගම සංචාර වැඩි කිරීමට කටයුතු කර ඇති බව කල්පිටිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පැවසීය.
කල්පිටිය මුහුදු කලාපයේ සැරි සරන කැස්බෑවන් මස් සදහා මරා දැමිමට ඇතැම් ධිවරයින් රහසේ කටයුතු කිරීමටත් සමග කැස්බෑවන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇත.
මෙසේ දරුණු ලෙස ධිවරයින් විසින් පහර දි මරා දැමිමට කටයුතු කළ කැස්බෑවන් දෙදෙනෙකුට වනජීවි නිලධාරින් මේ වන විටත් ආරක්ෂීතව රුගෙන විත් ප්රතිකාර ලබා දිමට කටයුතු කර තිබේ .
පුත්තලම - හිරාන් ප්රියංකර

popular news
-
Don Tuesday, 25 December 2018 09:44 PM
Kakul deke Thirisannu...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
