පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ දූපත් ආශ්රිත ජනතාවගේ පානීය ජල ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
කල්පිටිය අර්ධද්වීපයේ බත්තලංගුණ්ඩුව, මොහොත්තුවාරම, කීරිමුන්දලම, උච්චමුණේ යන දූපත්වල ජනතාව පානීය ජල ගැටලුවට මුහුණ දී සිටිනවා.
ඒ පිළිබද සහ ඔවුන්ගේ ධීවර ගැටලු පිළිබද සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම දූපත්වල සංචාරයක නිරත වුණා.
පානීය ජල ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේ ඉදිරි අයවැයෙන් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි.