කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ දී 22 දින සවස මෝටර් රථයකින් පැමිනි සිව් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැර ගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැර ගෙන යමින් තිබු මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආණමඩුව පොලිසියට පැමින ඇති බව කියයි.
මෙසේ අදාල කොල්ල කල්ලිය පැහැර ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයෙ ප්‍රධාන පෙළේ මාළු ව්‍යාපාරිකයකු වන සින්නකුඩිරිප්පුව ප්‍රදේශයෙ පදිංචි මොසස් මිරියා මියොසියස් නැමති 49 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු බව කියයි.
කොළඹ සරසවියක අධ්‍යාපනය හදාරණ තම පුතු කොළඹ බලා ගමන් ගන්නා බස් රථයකට නැන්විම සදහා පාලවිය මංසන්දියට ගොස් ආපසු ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයකින් තවත් ඥාතියකු සමග පැමිණේමින් සිටියදි පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙදී පිරිසක් වාහන නවතා තිබේ.
එම පිරිස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිළධාරීන් බව පවසා අදාල කෝටිපති ව්‍යාපාරිකයා මෙම පිරිස පැමින වාහනයට බලෙන් නන්වා ගෙන ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
කෙසේ නමුත් අදලා ව්‍යාපාරිකයා පැහැර ගත් පිරිස ගමන් ගත් වාහනය නොරෝච්චෝල කරඹ පොලිස් මාර්ග බාධකයෙදී නැවතිමට අණ කර තිබුනද එහිදි ද නොනවත්නා ධාවනය කර ඇති බවත් ඉන් පසුව නැවත කොළඹ හලාවත මාර්ගයෙ මුන්දලම පොලිසියෙ මාර්ග බාධකයකදි නැවත නවත්වන ලෙසට අණ කර තිබුනද එහිදිද අදාල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම ගැන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට සැක සිති ඇති බව කියයි.
පසුව මෙම මෝටර් රථය අතුරු මාර්ගයක දමාගෙන නැවත පුත්තලම කුරුණෑගල මාර්ගයෙ ආණමඩුව දෙසට ගමන් කරමින් සිටියදී මෝටර් රථය කිසියම් හේතුවක් මත නවතා ඇති බවත් එයින් ප්‍රයෝජන ගත් අදාල ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් පැන මහ මහගදී හමුවු වෙනත් වාහනයකින් ආණමඩුව නගරයට පැමින ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
ඒ අතර තුර කල්පිටිය ප්‍රදේශයෙ ව්‍යාපාරිකයකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් ඇති බවට ලැබුන පොලිස් ඇමතුම් මත ආණමඩුව පොලිස්ථානයෙ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් ආණමඩුව නගරයෙදි හදිසි වාහන සෝදිසියක් සිදුකර සැකකටයුතු මෝටර් රථය අත් අඩංගුවට ගෙන තිබුනී.
කෙසේ වෙතත් පොලිසිය වාහන අත් අඩංගුවට ගැනිම සිදුවන අතරතුර එහි සිටි සැකකරුවන් පිරිසක් සුක්ෂම ලෙස පලා ගොස් ඇති බවත් පොලිසිය අදාල මෝටර් රථය හා රියදුරු බව කියන අදාල කොල්ලය මෙහෙය වු සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කියයි.
කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයා කුමන හේතුවක් මත අදාල කොල්ල කල්ලිය පැහැර ගත්තා දැයි මේ වන විට ආණමඩුව හා කල්පිටිය පොලිස්ථාන එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ආණමඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අදාල කොල්ලය මෙහෙය වු සැකකරුගෙන් මෙම පැහැර ගැනීම කුමන හේතුවක් මත අත් අඩංගුවට ගත්තා දැයි ප්‍රශ්ණ කිරීම ආරම්භ කර ඇති බව කියයි.
කෙසේ නමුත් අදාල ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්ණ කිරිමේදි පවසා ඇත්තේ තමන් කුමන හේතුවක් මත අත් අඩංගුවට ගත්තා දැයි නොදන්නා බවත් පැහැර ගත් පිරිස මෝටර් රථයෙ පැමිණේන අතරතුර දී පවා කිසිවක් මේ පිළිබදව කිසිදු ලෙසකින්වත් පැහැර ගැනිම කුමක් දැයි පවා හෙළි නොකල බවයි.
අදාල පැහැර ගැනිමට සම්බන්ධ සැකකරුවන් හා වාහන වැඩි දුර විමර්ශන සදහා කල්පිටිය පොලිස්ථානයට භාර දීමට නියමිතව තිබුනී.
