කලවාන නගරයේ වෙළෙඳසැල් හතරක් අද ( 09) වසාදැමීමට පියවර ගත්බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය .
වසාදැමු එක් වෙළෙඳසැලක පුද්ගලයකු හට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඉතුරු වෙළෙඳසැල් තුන තාවකාලිකව වසා දැමිමට පියවර ගත්බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය .
කොරොනා ආසාදනය වී ඇති වෙළෙඳසැලේ පුද්ගලයා එම වෙළෙඳසැල් වලට ගොස් ඇති බවත් ඒ හේතුවෙන් එම වෙළෙඳසැල් වල සේවකයන් ඇතුළු පිරිස පී.සී.ආර් පර්ය්ෂණ සිදුකර නිරෝධායනයට ලක්කර ඇති බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය .
පසුගිය හතර වනදා සිදුකල පී.සී.ආර් පර්ය්ෂණ 160 මේ වනවිට ලැබීඇති පර්ය්ෂණ වාර්තා අනුව පුද්ගලයන් දස දෙනෙකුට (10) කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් මේ වන විට කලවාන ප්‍රදේශයෙන් කොරොනා ආසාදනය වූ පුද්ගලයන් තිස්දෙකක් (32) වාර්තා වන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය .
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම