මඩකලපුව පොලිස් වසමේ පෙරිය උප්පොඩේ කලපුවේ දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට මඩකලපුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය අයවලුන් 34 හා 56 වයස්වල පසුවන මඩකලපුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.මරණකරුවන් මසුන් අල්ලමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මඩකලපුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.