කුකුළු මස් හා මිල ගණන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ඉතා ඉහළ මට්මටක පැවැතීම නිසා පසුගිය ජූලි 27 වනදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට එකඟ වූ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
වෙළෙඳපොළ ඉහළ යන කුකුළු මස් මිල ගණන් සම්බන්ධයෙන් හා එම මිල ගණන් පහත දමන ලෙසට දේශීය නිෂ්පාදකයන් දැනුවත් කළද ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් හිමි නොවූ බවත්, ඒ අනුව දැනට දේශීය වෙළෙඳපොලේ පවතින රුපියල් 1450කට වඩා අඩු මිලකටමෙම ආනයනය කරන කුකුළු මස් කර්මාන්ත සඳහා ලබා දිමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව එම කර්මාන්ත ආශ්රිත නිෂ්පාදනයන්හි මිල අඩු වීමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
තවදුරටත් වෙළෙඳපොළෙහි කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද කුකුළු මස් ආනයනය කර ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
ඒ අනුව කුකුළු මස් මිල ගණන් අඩු කරන ලෙස දේශීය කුකුළු ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් කෘෂිකාර්මික අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් බවද නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත්, පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කුකුළු නිෂ්පාදනය ව්‍යාප්ත කිරීම සඳහා , කුකුළු පැටවුන් නිෂ්පාදනය ඉහළ දැමීමත්, ඒ සඳහා මව් සතුන් පිටරටින් ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවැසීය.