නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (29) දින කඳාන ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කඳාන ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු ත්රීරෝද රථයක් නිරික්ෂණය කර ඇති අතර, එය වැඩිදුරටත් පරික්ෂා කිරිමේදි එහි සිටි පුද්ගලයන් ළඟ තිබි මෙම කේරළ ගංජා ප්රමාණය සොයාගෙන ඇත.
එම සැකකරුවන් දෙදෙනා, ත්රීරෝද රථය සහ කේරළ ගංජා ප්රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කඳාන, පොලීසිය වෙත භාරදෙන ලදි.
