නිවසේ දී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයකු කෙරෝනා ආසාදිත බව අද (04) ලැබුණු පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ලේ කටුගොඩ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ ඊයේ (03) සවස කරාපිටිය ශික්ෂණ රෝහලට ඔහු රැගෙන එනවිටත් මියගොස් සිටි බවයි.
මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු අද (04) උදෑසන ලැබුණු ප්‍රතිඵලයෙන් සනාථ වී ඇත්තේ මෙම පුද්ගලයා මියයන විට කොරෝනා ආසාදනය වී තිබූ බවයි.
සිරංගිකා ලොකුකරවිට