කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකර රෝහල් ගත වූ 23 දෙනාගෙන් පුද්ගලයන් 15 දෙනෙකු අද වනවිට රෝහලින් නික්ම ගොස් තිබෙන බව අංගොඩ උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
රෝහල් හතක සිටින හත් දෙනෙකු විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් රෝහල තුළ රඳවා සිටින බවත්, එහෙත් ඔවුන්ට කොරෝනා වෛරසය ශරීරගත වී නොමැති බවට තහවුරු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. වෛරසය ශරීරගත වූ චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.