කොරෝනා පොදු සතුරා පරාජය කළ යුතුයි - සජිත්
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 'ජන සුවය'ව්‍යාපෘතියෙන්, ලක්ෂ තිස් නවයක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.
රටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම් කරන බවත් ඒ මහතා පවසයි.
රටේ සමස්ත ජනතාව නිවෙස්වලට කොටුවී සිටින ව්‍යසනකාරී මොහොතකත් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කරන බංකොලොත් බව කවුරු තුල තිබුණද තමන් එවන් තත්ත්වයකට නොවැටෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර තවත් පියවර රැසකින් මෙරට ජනතාව සුරක්ෂිත කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඒ මහතා කීය.

popular news
-
kapila Friday, 03 April 2020 06:03 PM
ඔබතුමාට මේ වෙලාවේ දියහැකි හොඳම දායකත්වය නම් ඔබතුමාට 80% ක් චන්දය දුන් මුස්ලිම් ජනතාවගෙන් රජය දෙන උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා මාධ්‍ය ප්‍රකාශයක් දීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

