කරුණාගේ ඉතිහාසය කිසිවෙකුටත් රහසක් නොවෙයි
රාජයට සාර්ථකව මුහුණ දිය නොහැකි පුද්ගලයින් රටක නායකත්වයට සුදුසු නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්රාමාත්යවරයා මෙසේ පැවසුවේ ඊයේ පස්වරුවේ (23) කු,sයාපිටිය ලබුයාය ප්රදේශයේ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමනි.
සැබෑ නායකයින් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි පෞර්ෂත්වයකින් හෙබි පුද්ගලයින් විය යුතු බව ද අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේය.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්රකාශයක් මේ දිනවල විපක්ෂයේ වේදිකාවේ ප්රධාන මාතෘකාවක් වී ඇතත් එල්.ටී.ටී.ඊයට ආයුධ දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් විපක්ෂයේ වේදිකාවෙන් හඩක් නොනැගෙන බව ද මෙහිදී අග්රාමාත්යවරයා පැවසීය.
එකල දේශපාලනඥයින් එල්.ටී.ටී.ඊ සංවිධානයට දුන් ආයුධ වලින් මරා දැමුවේ අපේම හමුදා සාමාජිකයින් යැයි ද සිහිපත් කළ අග්රාමාත්යවරයා කරුණා අම්මාන්ගේ ඉතිහාසය කිසිවෙකුට රහසක් නොවන බව ද සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Wednesday, 24 June 2020 04:30 PM
'Dee Kira balaluth sakki.' Ashamed.
Reply : 0 0
Nandana Thursday, 25 June 2020 07:51 PM
Now you too old to comment, retirement better option
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

