කැමැත්තෙන් ආපසු අපායට යා යුතු නෑ - අගමැති
කැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ නව නගර ශාලාවේදී අද (09දා) පැවති සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති සමුළුව අමතමිනි.
වත්මන් ආණ්ඩුව සුළුතර ලෙස පත්වුවද බහුතර ආණ්ඩුවක් අභිබවූ වැඩ කොටසක් ඉටු කර රටේ ස්වාධීනත්වය ආරක්ෂා කළ බවත් ඒ අනුව නව ව්‍යවස්ථාව අනුමත කර ගනිමින් ජනතාව රජ කරවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද එක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ප්රජාතන්ත්රවාදයේ ගෙළ සිඳලනු වෙනුවට මානව ශක්තිය බල ගැන්වීම උදෙසා පසුතලය පුළුල් කිරීමට තමන් තවදුරටත් අපේක්ෂා කරන බවයි.
මෙහිදී සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්රකාශනය එහි සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍යවරයා හා සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමීම සිදු කළ අතර එහිදී එහි නියෝජිත සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේ රටේ ඉදිරි ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු අතර අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන් පත්විය යුතු බවයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා






popular news
-
Champa Thursday, 10 October 2019 04:42 AM
යහපාලනය ගෙදර යවල වහපාලනයක් ගේන්න නෙමෙයි අපි අවුරුදු 5ක් කට්ට කාගෙන විමලුයි මහින්දයි එක්ක හිටියේ. දැනටම මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරලා. මගේ comments කපනවා Colombo Telegraph එකේ. බලයට එන්න ඉස්සෙල්ල මෙහෙම නම්, බලයට ආවට පස්සේ අතුරුදහන්ම කරයිනේ! මෙච්චර අවුරුදු 5 ට වහල් ආණ්ඩුවවත් මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කලේ නැහැ. මම කිව්වේ වැරදි දෙයක් නෙමෙයි. අපිට අයිතියක් තියෙනවා අහන්න ඇයි ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල කියන්නත්තේ ඇයි කියල. එක රටක් එක නීතියක් කියල අඬහැර පාපු මිනිස්සු අද ආගිය අතක් නැහැ. කබ්රාල්ගේ රට වටා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඇමරිකන් MCC COMPACT එකේ USD මිලියන් 480 බලාගෙන කියන එකක්. පිටිපස්සේ ඉන්නේ බැසිල්. ඒ කියන්නේ SOFA ගිවිසුම අත්සන් කරනවා කියන එක. මහින්දයි විමලුයි වටේ ඉන්න හාමුදුරුවොයි මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕනේ ඇමරිකාවට රට පාවල දෙන මිනිහෙක් තෝර ගත්තේ මොකොද කියල. මහින්ද, බැසිල්ගෙයි ගෝඨාභගෙයි උගුලට අහුවුනා. මෙහෙම ගිහින් මිනිස්සු හිතුවොත් ඉන්න යහපාලනය හොඳයි කියල පුදුම වෙන්න දෙයකුත් නැහැ.
Reply : 6 7
Deepal Nirosh Thursday, 10 October 2019 10:29 AM
කැමති අකමැති කුමක් වුවත් තමුන්ගෙ කර්ම ඵලය අනුව යා යුතු තැනට අනිවාර්යයෙන් යා යුතු වෙනවා. ඔබතුමා මේ අයත් ඒක්ක දිගටම සිටියොත් අනිවාර්යයෙන් ඔය කියන තැනටයි යන්න වෙන්නෙ.
Reply : 0 2
Bandula. Thursday, 10 October 2019 04:36 PM
දිට්ට දම්මවේදනීය ක්‍රමය කට කාටත් පලදේවි එනිසා බලමු අපි නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

