හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.
එමෙන්ම ඔහුට මැයි මස 02 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (18) යළි සිතාසි නිකුත් කළ අධිකරණය එම දින දක්වා කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන බවද නියෝග කලේය.
හිටපු අධිපතිවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබෙන බවද ඔහු අධිකරණය හමුවේ පෙනී හිඳ නොමැති බවත් සඳහන්.