ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝගයක් නිකුත් කළේය.
ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම අධිකරණයට අද මෝසමක් මගින් කරුණු දක්වා තිබේ.
කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයිදඅල්ලස් කොමිසම සිය මෝසමෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට පෙරේදා ඇප නියම කෙරුණි.