ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඒවක ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය.
හිටපු ගුවන් සේවා අමාත්‍යය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම පැවසීය.