රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී ඊයේ (7) මුදවාගත් බව හික්කඩුව පොලීසිය කියයි.
කප්පම් මුදල් ලබා ගැනීම සදහා සිරකර රදවා තබාගෙන සිටි විශේෂ්ඥ වෛද්‍යවරයා බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් බවත් ඔහු සිරකරගෙන සිටි විසිඅට හැවිරිදි උපකාර පංති ගුරුවරයා මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි
පොලිස් සහන මැදිරියෙන් සිය පොලිස් ස්ථානයට විශේෂඥ වෛද්‍යවරයෙක් කප්පම් මුදලක් ලබා ගැනීම සදහා සිර කරගෙන සිටින බවට තොරතුරු ලබා දුන් බවත් ඒ සමගම විශේෂඥ වෛද්‍යවරයා සිරකරගෙන සිටින නිවසට යන ගූගල් සිතියමද එවා තිබූ බවත් පොලීසිය කියයි.
පොලිස් සහන මැදිරියෙන් ලබාදුන් තොරතුරු හා ගූගල් සිතියම අනුව විශේෂඥ වෛද්‍යවරයා සිරකර ගෙන සිටි නිවස සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් ඒ අනුව යාමේදී මේ සිදුවීම හික්කඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් නොවන මීටියාගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් එකක් බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියේ ඉහල නිලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මේ වැටලීමට ගිය බවත් හික්කඩුව පොලීසිය කියයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත,ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කුමාරසිරි,ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ ,හික්කඩුව කලාප භාර සහකාර පොලිස් අධිකාරී සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදගිරි,අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත්,උප පොලිස් පරීක්ෂකවරුන් වන මෙන්ඩිස් ,විතානාච්චි,පොලිස් සැරයන් වික්‍රමරත්න(68246),පොලිස් කොස්තාපල් තිළිණ(36132) යන නිලධාරීහු මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.