සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව දිවයිනේ ප්‍රථම කදුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ගය ඉදිකරිම ඇතුලු ව්‍යපෘති රැසක් ආරම්භ කළ බව ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන විධායක නිළධාරී සම්පත් නිශ්ශංක මහතා පැවසීය.
ඌව හා මධ්‍යම පළාත සම්බන්ධ කරගනිමින් ඉදිකරන ඇවිදින ප්‍රවේශ මාර්ගය කිලෝමීටර් 300කින් හා නැවතුම් ස්ථාන හා දින 22කින්
සමන්විත දිවයිනේ කදුකර ප්‍රදේශයක ආරම්භ කළ මෙම සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනට යුරෝපා සංගමය රුපියල් බිලියන 1.3ක
මුදලක් වැය කිරීමට නියමිතය,
මහනුවර හන්තාන ප්‍රදේශයෙන් ඇවිදීමේ ගමන ආරම්භ කර පේරාදෙණිය,ඇඩමින් පීක්,ග්‍රේට් වෙස්ටර්න්,නානු ඔය,
එන්ජින් දිය ඇල්ල,හෝස්ටල් දියඇල්ල,ශ්‍රී පාද කන්ද,ශාන්ත ක්ලෙයාර් ඇල්ල,සුළං කපොල්ල,පටිටියපොළ,සමිටි ලෙවල්,ඔහිය බිංගෙය, ඔහිය,ඉදල්ගස්හින්න,වින්ඩිස් බ්රේක්,හපුතලේ,නායබැද්ද,කිතල්ඇල්ල, ආරුක්කු නවයේ පාලම,ඇල්ල,ඇටම්පිටිය,ඌවපරණගම,උඩුපුස්සැල්ලාව,රාගල,නුවරඑළිය දක්වා දින 22ක් ගමන් කිරීමට නියමිතය.
කදුකරයේ දුම්රිය මාර්ගයට සමාන්තරව අති අලංකාර තේ වතු,වනෝද්‍යාන,මතින් ඇවිදීමේ ගමන් මාර්ගය ඉදිකර සංචාරකයින්ට
අවශ්‍ය ආහාරපාන හා නේවාසික පහසුකම් ඇතුලු සියලු පහසුකම් ලබාදීමටත් කටයුතු කර තිබෙන බව සම්පත් නිශ්ශංක මහතා පැවසීය.
යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනට යූලීඩ් ආයතනය,සංචාරක අමාතයාංශය,
ඌව හා මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යාංශය,සංචාරක මණ්ඩලය දායකත්වය ලබාදීමට නියමිතය.
ඇවිදින ප්‍රවේශ මාර්ගය නිරීක්ෂණය කිරීමට ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන විධායක නිළධාරී සම්පත් නිශ්ශංක,
යුලීඩ් ආයතනයේ මිග්රේල් කුනාඩ්,ඒ ලිගනාදන්,විශ්නාදිනී ප්‍රනාන්දු ඇතුලු පිරිස සමග හපුතලේ සංචාරක මණ්ඩලයේ නිළධාරීන් ඇතුලු
පිරිස ඔහිය සිට හපුතලේ දක්වා සැතපුම් 15 ක දුරක් පාගමනින් ඇවිද මාර්ගය නිරීක්ෂණ කටයුතු වල නිරතවිය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි




