කඳුකර කොටියෙක් ඝාතනය කර හිස හා පාද කපාගෙන ගිහින්
මන්දක් අටවා කදුකර කොටියෙකු ඝාතනය කර කදුකර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළදු කැළැවක මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන් පොලිසියට (18) දින ලබාදුන් දැනුම් දිමක් මත පොලිස් නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇත.
හැටන් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කොටියාගේ සිරුර සොයාගත් අවස්තාවේ කොටියාගේ හිස සහ පාද හතර දඩයම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවු 10 ක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියෙකු බවත්, කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ සදහා රණ්දෙණිගල වනජිවි පශුවෛද්‍ය රෝහල වෙත යොමු කරන බවද වනජිවි නිලධාරින් පැවසිය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

