කඳාන ප්‍රදේශයේ අද(03දා) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බව පොලීසිය පැවසීය.
කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ දී මෙම පුද්ගලයන් දෙදෙනා මෝටර් රථයක සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර, පසුව ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණි.