කන්දකාඩු පොකුර ලංකාවට පැතිර නෑ - අනිල් ජාසිංහ
- 13 07 2020
- 21:14
- {{hitsCtrl.values.hits}} views
- ..
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
“කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් සෑහෙන වැඩ ප්‍රමාණයක් දැන් ඉටුවී තිබෙනවා. මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබෙන්නේ රාජාංගනය ප්‍රදේශයට. එහි සංචරණය නවත්වා තිබෙනවා.
අපිට දෙන්න පුළුවන් පණිවිඩය තමයි මේ රෝගය ලෝකයේ පවතිනවා. ඒ තර්ජනය අපිටත් තිබෙනවා. මෙහිදී ඉතාම වැදගත් අපි සාකච්ඡා කර නතුකර ගත් ක්‍රියාපිළිවෙත් තදින්ම ක්‍රියාවට නැංවීම.
කන්දකාඩු පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාම මෙවැනි තත්ත්වයක් ඇතිව නෑ. විටින් විට අපට අහන්න ලැබෙන තොරතුරු වල සත්‍යතාවක් නෑ. රෝගියෙක් හමුවී විට අප ඒ බව ප්‍රචාරය කරනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
