වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29දා) උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ .
රැඳවියන් 250කට ආසන්න සංඛ්‍යාවක් පැනගොස් ඇති බව ද සඳහන් වේ.
උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
සැකකටයුතු ලෙස මියගිය රැඳවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකිව එම ස්ථානයේම තබාගෙන සිටීමට රැඳවියන් කටයුතු කර ඇත.
මනම්පිටිය - නිමල් ජයරත්න / පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්