කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානේ ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ.
එසේම මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු පියවරද මෙම වාර්තාවට ඇතුළත් කරන ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබේ.
මේ වන විට ඊජිප්තුවේ සංචාරයක නිරතව සිටින ජනපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.ෙ