කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 44ක් තවමත් අතුරුදන්ව සිටින බවත් ඔවුන් පිළිබඳව කිසියම් තොරතුරුක් වෙතොත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසත් වැලිකන්ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉකුත් (29) දා කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රැඳවිය 700කට වැඩි පිරිසක් පළා ගිය අතර ඉන් පුද්ගලයින් 679ක් මේ වන විට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වූ බව පොලිසිය වැඩි දුරටත් කියයි.තවත් රැඳවියන් 272ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත.
අතුරු දන්ව ඇති 44 දෙනා පිළිබඳ ව කිසියම් තොරතුරක් ලද හොත් 0718591235 යන වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට හෝ 027 2259143 යන වැලිකන්ද පොලිසියේ දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ල සිටියි.
අතුරුදන්වූ රැඳවියන් සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මෙම අතුරුදන්වූ පිරිස් ඔවුන්ගේ නිවෙස් හෝ ඥාති නිවෙස්වල සැඟවී සිටිය හැකි බවත් ඔවුන් සඟවාගෙන නොසිට වහාම පොලිසියට භාර දෙන ලෙසත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පො.ප.සමන්ත රත්නායක මහතා පැවසීය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්