කන්නන්ගර ගුණ සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලී ලත් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 51 වන ගුණ සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණ.
ජනාධිපති කාර්යාලය පරිශ්‍රයේ ස්ථාපිත කන්නන්ගර පිළිරුවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පුෂ්පෝහාර දැක්වූහ.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ කන්නන්ගර සමරු ගීතය ගායනා කළහ.
1943 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කොට ගෙන පළමු වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සියලු දරුවන්ට හිමිකර දීමට කන්නන්ගර මැතිතුමා පුරෝගාමී විය. ශ්‍රී ලාංකික සමාජයේ ව්‍යුහාත්මක පරිවර්තනයකට පාදක වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය පහළ ස්ථරවලට අයත් ජනතාවගේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන්ට ඉහළ ජීවන මට්ටමක් අත් කර ගැනීමටත්, සමාජ විසමතාව තුනී කිරීමටත් ඉවහල් වී ඇත.
1943 දී ආරම්භ වූ නිදහස් අධ්‍යාපනය පෝෂණය කිරීමට මෙරට බොහෝ දේශපාලන නායකයෝ දායක වූහ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ඔවුන් අතර ප්රමුඛයෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තිය වත්මන් යුගයට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී තිබේ. එතුමා “සෑම දරුවෙකුටම සමාන ඉගෙනුම් අවස්ථා” යන තේමාව යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ආරම්භ කර ඇත.

popular news
-
Demuni Uduwara Thursday, 24 September 2020 03:42 AM
On what grounds D A Rajapaksa ''s name was connected to free education?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

