ඩුබායි රටේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධානතම වෙඩික්කරු බොරලස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ බෝඩිමක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිදිගම වැලිගම පදිංචිකරුවෙකු වූ ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා 28 නමැත්තා බව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 4 ක් හා හොරයින් මත්කුඩු ග්‍රෑම්17 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් අප්‍රේල් මස පස් වෙනි දින. වැලිගම ප්‍රදේශයේ දී චූටි මාමා නමැත්තාට වෙඩි තබා දෙපතුල තුවාල සිදුකර තිබූ අතර මැයි මස 14 වෙනි දින රොෂාන් හෙවත් ජැකාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර තිබිණි. අමතරව ස්ත්‍රී දූෂණ සහ මංකොල්ලකෑම් මං කොල්ලකෑම් රැසකට කිසි රැසකට අවශ්‍යව සිටි බවත් පොලිස් නිළධාරියෙකු පැවසීය
මීට මාස එකහමාරකට ඉහතදී බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ බෝඩිම රුපියල් 6000 ක මාසික කුලී පදනම මත මාස තුනකට සැකකරු ලබාගෙන තිබූ බවත් ඒ වෙනුවෙන් රුපියල් 18,000 ක මුදලක් තමන් වෙත ලබා දුන් බවත් එම බෝඩිමේ හිමිකාරිය පැවසුවාය.
ටයිටේනියම් බිම් ඇතුරුම් කරුවෙකු ලෙස සේවය කරන බව පවසා සැකකාර කදිරා තමන් විවාහකයෙකු බව පවසා බිරිඳ බව කියන කාන්තාවක ගේ ඡායාරූපයක් සහ දරුවෙක් ඡායාරූපයක් පෙන්වූ බවත් ඇය කිය. ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා ගෙන ඔහුට නවාතැන් දුන් බවත් හිමිකාරියේ වැඩිදුරටත් පැවසුවාය.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාතර කොට්ඨාස අපරාධ මර්දන ඒකකය වෙත භාරදී ඇත.
