කතරගම බස්නායක නිලමේ තේරීමේ නිලවරණය දෙසැම්බර් 09
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය බස්නායක නිලමේ ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීමේ නිලවරණය දෙසැම්බර් මස (09) වෙනිදා පෙ.වර 10.00 මොනරාගල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්වේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී සේනාරත්න මහතාගේ ප්රධානත්වයෙන් නිලවරණය පැවැත්වේ.හිටපු බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදායින් අවසන් විය.
දහතුන් වෙනි බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ මෙම ඡන්දයේදී,කතරගම කිරිවෙහෙර රජමහා විහාරය,කතරගම වැඩසිටි කන්ද විහාරය,කතරගම ශ්රී අභිනවාරාමය,සෙල්ල කතරගම මහසෙන් රජමහා විහා රය,කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා,බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා,මොනරාගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් එකොළොස් දෙනා ඇතුළු දාහත් දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.
සියඹලාණ්ඩුව සහ වැල්ලවාය ප්රාදේශීය ලේකම්වරුන් ලෙස කටයුතු කරන්නේ කාන්තාවන් වන බැවින් ඔවුන්ට ඡන්දය හිමිකමක් නොමැත.මෙම නිලවරණය මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතාගේ නිරීක්ෂණය යටතේ පැවැත්වේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

