රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසල මහා පෙරහර මංගල්‍යයේ පෙරහරේ දින15 පුරා දේවාභරණ වඩම්මවන වාසනා ඇතාගේ පෙරහර වස්ත්රාභරණ කතරගම දේවාලයට භාරදීම (21) වෙනිදා උදෑසන සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුරු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ වැඩම කර සිටි අතර බස්නායකයේ නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වස්ත්රාභරණ භාරදීම සිදුකෙරිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක




