රුහුණු මහා කතරගම දේවාලය සතුව ඇති රත්තරන් සංචිතයෙන් 70%ක් පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව කතරගම බස්නායක නිළමේ තිලිණ මදුසංක මහතා පවසයි.
දේව රුව සහිත රත්තරන් හැර ,දෙස් විදෙස් බැතිමතුන් මෑත ඉතිහාසයේ පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබාදීමට කටයුතු කරන බව බස්නායක නිළමේවරයා පවසන අතර මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම රත්තරන් වෙන්දේසිය සිදුකිරීමට නියමිතව ඇත.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ