ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් ඉකුත් 19 දින , භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.
රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී යෙක් පැවසීය
ඉකුත් 11 වෙනි දින එම කපුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කතරගම බලා පිටත්ව ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටීම හේතුවෙන් එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය
ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එකබාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමට පවසා තිබූ බව ජෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි.
එය පූජා කරන අවස්ථාවේදී තේවාව භාරව සිට ඇත්තේ අත් අඩංගුවට ගැනීමට සොයන සැකකාර සොමිපාල ටී රත්නායක නමැති ප්‍රධාන කපු මහතා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පූජා කරන ලද එම රන් තැටිය සති දෙකකට පමණ පසු ප්‍රධාන කපු මහතාගේ කාමරයේ තබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් පූජා කරන ලද රන් තැටිය දේවාලයෙන් අතුරුදන්ව ඇති බවට කතරගම බස්නායක නිලමේවරයාට ලද නිර්නාමක දුරකථන ඇමැතුමකින් අනතුරුව ඔහු විසින් එවකට පොලිස්පතිවරයාට කරලද පැමිණිල්ලකින් අනතුරුව එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස උපදෙස් ලබා දී තිබිණ.
එම විමර්ශන ආරම්භ කිරීමත් සමගම ඒ හා සමාන රන් තැටියක් පෙර රන් තැටිය සාදන ලද රන්කරුවාට රුපියල් ලක්ෂ 41 මුදලක් ලබාදී සාදා දේවාල යේ තබා පොලිස් විමර්ශන නොමඟ යැවීමට උත්සාහ ගෙන තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඓතිහාසික කතරගම මහා දේවාලයට බැතිමතකු විසින් පූජා කරන ලද පවුම් 38ක් බර රන් තැටිය අතුරුදහන් වීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම අධිකරණය වෙත කරුණු වාර්තා කර අනතුරුව නීතිපති උපදෙස් ඉල්ලා තිබූ අතර ඉකුත් හත්වැනි දින ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නීතිපති උපදෙස් ලැබී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.