ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීමට අදාළ නිලවරණය හෙට (09)දින පැවැත්වීමට නියමිතව ඇත.
බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්නගේ ප්රධානත්වයෙන් මොණරාගල දිස්ත්රික්ක ලේකම් කාර්යාලයේදී මෙය සිදුකිරීමට නියමිතයි.
හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්රමරත්න ගුණසේකරගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වුණු අතර මේ වනවිට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වන තිළිණ මධුසංක කතරගම වැඩ බලන බස්නායක නිලමේ ලෙස කටයුතු කරනු ලබයි.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ