මැණික් ගඟ පිහිටාර ගැලීමෙන් කතරගම පුදබිමට පිවිසෙන පිවිසුම් මාර්ග සියල්ල අවහිරවී තිබිණි. මැණික් ගඟේ ජලය අඩුවීමත් සමඟ ජල මට්ටම පහළ බැස තිබූ අතර මේ වන විට කතරගම දේවාලයට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග පිරිසිදු කර යළි යථා තත්වයට පත් කිරීමට හැකි වූ බැව් රුහුණු කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා පැවසීය.
ඒ සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ සහ කතරගම ප්රාදේශීය සභාවේ සේවක සේවිකාවෝ එක් වූහ. කදරගම ප්රදේශයේ කතරගම නාගහවීදිය,ගෝතමීගම,සෙල්ල කතරගම,කතරගම දිසා රෝහල සහ වැඩිහිටි නිවාස වල සිටින අවතැන් වූවන්ට ආධාර ලබා දීමට කටයුතු කළ බැව් වැඩ බලන බස්නායක නිලමේවරයා වැඩිදුරටත් පැවසීය.
මොණරාගල සුමනසිරි ගුණතිලක



