ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් බව සුරාබදු දෙපාර්තමෙන්තුව සදහන් කරයි
මේ නිසා අදාල කාලය තුලදි පූජාභූමිය මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා සහායවන ලෙස සියලුම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ඊයේ.( 19 ) සිට ලබන මස 04 වන දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට කටයුතු කරණ බවද එම දෙපාර්තමෙන්තුව පෙන්වා දෙයි
මෙම කාල සීමාව තුලදි අදාල රාජකාරි කටයුතු සිදුකිරිම සදහා ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු තිබෙන බවද සදහන් කරයි
කතරගම දේවාල පුදබිම තුල සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාවට සදහා විවෘතව තිබෙන බවද පෙන්වා දෙයි