ඓතිහාසික රූහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද( 10) වැනි දිනා පවත්වා අවසන් වෙයි.
අද දින මහා පෙරහැර කතරගම මහා දේවාලයෙන් ආරම්භ කර කිරිවෙහෙර දක්වා ගමන් කරනු ලබයි.
මෙහිදී කතරගම දේවාලයට ලැබුණු පුද පඬුරු වලින් කොටසක් කිරිවෙහෙර සෑ රදුන්ට පූජා කිරීමේ චාරිත්‍රය බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් සිදු කිරීමේ චාරිත්‍රයේ සිදුවේ.
ඉන් අනතුරුව කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොහොබවක ධම්මිද හිමියන් විසින් ආගමික වතාවත් සිදු කරති .මෙම චාරිත්‍රයෙන් අනතුරුව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් 2025 ඇසළ මංගල්‍යය නිමා කරන බව නිල වශයෙන් දැනුවත් කරන විශේෂයෙන්ම සිංහාසන කතාව පවත්වයි.
අනතුරුව කදවුර භාර නිලධාරී වන මොණරාගල දිසා ලේකම් ප්‍රසන් රත්නායක මහතාා විසින් රජය නියෝජනය කරමින් විශේෂ කතාවක් පවත්වා උත්සව කටයුතු නිමා කරනු ලබයි.
ඉන් අනතුරුව පෙරහර නැවත මහා දේවාල භූමියෙන් වල්ලිඅම්මා දේවාල වෙත ගමන් කර චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නැවත මහා දේවාලය වෙත පෙරහැර වීදිි සංචාරය කර 2025 ඇසළ මංගල්‍යය නිමාවට පත්වෙයි.
හෙට එකොළොස් (11) වැනි දින උදෑසන මැණික් ගඟේදී දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරීම සිදුවන බව කතරගම දේවාලේ පධාන කපු මහතා සොමීපාල ටී රත්නායක සඳහන් කරන ලදි.
කතරගම සන්දිම දේවප්‍රිය