කතරගමට අඩු වියදම් දානයක් ඉල්ලයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝයා වහන්සේලාට තම මාසික සලාක දානය අඩු වියදමෙන් සරලව සකස් කර පූජා කරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව විහාරාධිපති, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ දායකයන්ගෙන් ඉල්ලා සිටිති.
පසුගියදා උන්වහන්සේ බැහැදැකීමට කිරිවෙහෙර විහාරස්ථානයට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් අමතා උන්වහන්සේ මේ බව පැවසූහ.
"කතරගම මහා පරිමාණයෙන් කෘෂි ව්‍යාපාර නැහැ. ජනතාවගේ වැඩි කොටසක් යැපෙන්නේ වන්දනාකරුවන්ගේ පැමිණීම මතයි.
දැන් මෙම ආර්ථික අර්බුදය නිසා වන්දනාකරුවන්ගේ පැමිණීමත් හොඳටම අඩු වෙලා.
එම නිසා බැතිමතුන්ට තම මාසික සලාක දානය පවා ලබාදීමට අසීරු තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. දානය සුළුවෙන් දුන්නත් මහ ඉහළින් දුන්න ආනිසංසය එකයි. එතකොට එය දායකයන්ටත් සැනසිල්ලක්" යනුවෙන් පවසා සිටියහ.
සෙල්ල කතරගම - එම්.එන්. පියරත්න
popular news
-
උපාසක Tuesday, 31 January 2023 01:32 AM
ඔච්චර බැතිමතුන් පිරිසක් පැමිනෙන පූජනීය ස්ථානයක දානය නොමැති බවක් කියන්නෙ පුදුමයක් කියලා තමයි කියන්න වෙන්නෙ මම දන්න කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් වසරකට වරක් ඔය පැත්තේ තියෙන රජයේ වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවා (එහි සිටින පාලකයා නම් ටිකක් අමුතු කෙනෙක් වෙනත් ප්‍රදේශයක සිටියත් මමත් නිවාස පාලනය කල දෙපාර්තමේන්තුවක මාණ්ඩලික නිළධාරි තනතුරක් දරා සිටි කෙනෙක් වුනත් එම පුද්ගලයා සමග කතා කිරීමේදී රජයේ මුදල් නීති කිසිවක් නොදන්නා කෙනෙක් කියලා තේරුනා) කිරිවෙහෙර හාමුදුරුවෝ පිටස්තර දායකයින් බලාපොරොත්තු නැද්ද ජනතාව කැමති වේවි හාමුදුරුවෝ කැමති නම් දානය දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

