හම්බෙගමුව රොටවැවෙි වැව්පිටියේ මී ගවයකු ගැටගසා සිටියදිම, ඊයේ (01) කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් පැමිණ මෙම මී ගවයාගේ පසුපස ගාත් යුගල සහ බඩ කොටස කපා ඝාතනය කර එම මස් රැගෙන ගොස් ඇතැයි හම්බේගමුව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මෙම මී ගවයාගේ හිමිකරු හම්බෙිගමුව ජනපදය ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
හම්බේගමුව ජනපදයේ පදිංචි මෙම මී ගවයාගේ හිමිකරු සිද්ධිය වු දින පස්වරුවෙි රොට වැවෙි වැව් ඉස්මත්තට ගොස් ඔහුට අයත් මී ගවයින් වැවි පිටියේ ගැටගසා නැවත නිවෙස බලා පැමිණ තිබෙි. පසුව එදින රාත්රියේ පැමිනිලිකරුගේ පියා, මෙම මී ගවයින් පිලිබදව සොයා බැලිමට වැවි පිටියට ගොස් ඇති අතර, එහිදි එක් මී ගවයකුගේ අඩුවක් දැක ඒ පිලිබදව, තම පුතුට දන්වා තිබෙි.
ඒ අනුව මෙම පැමිනිලිකරු වැව් පිටියට ගොස් සොදිසි කිරිමෙිදී ගවයා ගැටගසා සිටි ස්ථානයේ තිබි ගවයාගේ හිස තිබි සොයාගෙන ඇති අතර, මී ගවයා ගැටගසා සිටියදිම මී ගවයාගේ පසුපස ගාත් යුගල සහ බඩ කපා ඝාතනය කර එම මස් කොටස් රැගෙන ගොස් ඇති අයුරු දැක ඒ පිලිබදව හම්බේගමුව පොලිසියට පැමිනිලිකර ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත හම්බෙිගමුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල - නයනජිව බන්ඩාර