කඩුවෙල ස්පා නමින් වෙන වැඩ කළ සියලුම ස්ථාන සුද්ද කරයි
කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ස්ථාපිත කර තිබූ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන සියල්ල අද (9) වසා දැමීමට පියවර ගත් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.
ඒ අනුව එලෙස ස්ථාපිත කර තිබූ මධ්‍යස්ථාන 13 ක් වසා දැමීමට පියවර ගැනිණි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය හා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ සි ජයමහ නුගේගොඩ දිස්ත්‍රික් 7 භාර සහකාර පොලිස් අධිකාරි ජි එස් අයි පි ඒකනායක මහත්තුරුන් ගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවූ බව පොලිසිය සඳහන් කරයි.
කඩුවෙල පොලිසිය හා කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන්ගේ සහයෝගයෙන් පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන හා විහාරස්ථාන ආශ්‍රිතව හතු පිපෙන්නාක් මෙන් ඉකුත් කාලය පුරා තැන තැන ආරම්භ කල එවැනි මධ්‍යස්ථාන සියල්ලන්ගේම නාම පුවරු , කාන්තාවන්ගේ අඩ නිරුවත් ඡායාරූප ඊට අදාළ සියලුම ප්‍රදර්ශන ඡායාරූප ඉවත් කිරීමට පියවර ගැනිණි
ඉකුත් කාලයේ කළුතර ප්‍රදේශයේ ඇති ඇතිවූ අවාසනාවන්ත සිද්ධියෙන් පසුව හෝ පොලිසිය සිදු කළ මෙම කටයුත්ත සම්බන්ධයෙන් කඩුවෙල සියලුම ආගමික නායකයන්ගේ ප්‍රසාදය මෙන්ම ජනතාවගේ ප්‍රසාදය ද දෙපාර්තුමේන්තුව ලැබීම විශේෂත්වයක් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Chaaminda Sunday, 09 July 2023 02:52 PM
E Thakota Thalawathugoda Sudda karanne kakwadda ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
