විනිශ්චයකාරවරුන්ගේ හෝ අධිකරණවල ආරක්ෂාව ඉවත් කිරීමට හෝ අඩු කිරීමට පොලිස් මූලස්ථානය විසින් කිසිම උපදෙසක් ලබාදී නොමැති බව පොලිස් මූලස්ථානය පවසයි. කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සිදුවීම පිළිබඳව පැහැදිලි කිරිමක් කරමින් පොලිස් මූලස්ථානය පවසයි.
මහේස්ත්‍රාත්වරියගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියා කිසිඳු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට නොදන්වා පසුගිය 05 දා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. කෙසේ වෙතත් එදින රාත්‍රි යේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියා සුපුරුදු පරිදි ආරක්ෂාව සපයා ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.
මෙසේ නිවසින් බැහැරව ගිය පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවත් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙන බවත් පොලිස් මූලස්ථානය පවසයි.