කඩුගන්නාව ගල වැටුණු තැන තවත් ගලක් අවධානම්
කඩුගන්නාව ගණේතැන්න ගලවැටුණු ස්ථානයේ කඩා වැටීමට තවත් විශාල ගලක් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
වැටිමට ආසන්න ගල කඩා නොවැටීම සම්බන්ධව තමා පුදුම වන බවත් ඉතිරිවි ඇති මෙම ගල දින වකවානු කිව හැකි නොවුනත් අධික වර්ෂාව දිඅගින් දිගටම පැවතියහොත් ඉතාම ඉක්මනට හෝ කිසියම් දිනක කඩාවැටීමේ අවධානමක් ඇති බවද මහාචාර්යවරයා පැවසිය.
මහාචාර්යවරයා මෙසේ පැවසුයේ පහල කඩුගන්නාව ප්‍රදේශය නිරික්ෂනය කිරිම සදහා පැමිණි අවස්ථාවේ මාධයවේදින් නැගු පැනයන්ට පිළිතුරු දෙමිණි.
දිගින් දිගටම අධිකවර්ෂාව පතිත විමෙන් එම ගල කඩාවැටීමේ අවධානම තවත් වැඩිවිය හැකි බවද මහචාර්යවරයා පවසයි.
එම නාය ගිය ස්ථානයට ඉහලින් භු විද්‍යඥයින් හා ඉංජිනේරුවන් ලවා එහි ඇති සංවේදි ගතිය නිරික්ෂනය කර මේවා කඩා වැටිය හැකි පාෂාන ඇතිදැයි බැලිම වඩා යෝග්‍ය බවද පැවසු මහචාර්යවරයා කඩුගන්නාව සිට පහල කඩුගන්නාව දක්වා ඇති අක්කර 400 ක් 500 ක් පමන වන බැවුමේ ගැලවි ඒමට ඉඩ ඇති පාෂාන බොහෝ ඇති බැවින් එවන් පාෂාන ඇති තැන් සිතියම් ගත කර වැටිමට හැකියාව ඇති පාෂාන කොයි ස්ථානවල ඇතිද යන්න සිතියමක් සකස් කර මුලින්ම එම කඩා වැටිමට ඇති පාෂන ඇති තැන් වලින් මිනිසුන් ඉවත් කර ඒවාට නිසි ප්රථිකර්මයන් ලබාදුනහොත් මහාමාර්ගය ආරක්ෂා කරගත හැකිවනු ඇති බවද මහාචාර්යවරයා පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

