කඩා වැටෙන ගසකින් බේරීමට ගොස් පාසල් වෑන් රථය තාප්පයක ගැටෙයි
- 10 06 2024
- 14:52
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
තෙල්දෙණිය පොලිස් වසමේ දිගන කෙන්ගල්ල ප්රදේශයේදී දැවැන්ත සියඹලා ගසක් පාරට ඇද වැටෙන දුටු පාසල් වෑන් රථ රියදුරෙකු ඉන් බේරීම සඳහා උත්සාහ කිරීමේදී වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී වෑන් රස්තය බැම්මක සහ දුරකථන කුළුණක ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි .
පාසල් ළමුන් ප්රවාහනය කරමින් අද (10දා) පෙරවරු 6.30 ට පමණ එම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් වෑන් රථයේ රියැදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර වෑන් රථයේ ගමන් ගත් ගුරුවරියන් දෙදෙනෙකු සහ පාසල් සිසුන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව ද පොලිසිය කියයි .
දිරාපත්ව තිබූ මෙම ගස ඉවත් කර දෙන ලෙස ප්රදේශවාසීන් විසින් ඉඩමේ හිමිකරුට සහ අදාළ බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඉන් පලක් නොවූ බව ප්රදේශවාසිහු පවසති .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

