ශ්‍රී ලංකාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින බවත් අර්බුදය පිළිබඳව සියලු විස්තර රජය විසින් ජනතාවට දැනුම් දිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද (03දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්චාවකදී ඔහු මේ බව පැවැසීය.
" මේ කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නෙමෙයි. අපේ දරුවන්ගේ ආර්ථිකයයි මේ කඩා වැටෙන්නේ. හිරිවැටුණ පාලනයක්, හිරිවැටුණ නායකයෙක් ඉන්නේ. මෙ ආර්ථික අර්බුදයේ දිග, පළල, ගැඹුර ආන්ඩුව විසින් ජනතාව දැනුවත් කළ යුතුයි."