කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනයට ලක් කර ඇත.
මීට පෙර කඨින චීවරය රැගත් පෙරහැර සඳහා අවසර ලබා දී නොතිබු අතර නව සංශෝධනය අනුව උපරිම සැදැහැවතුන් 50 දෙනෙකු ට හෝ ඊට අඩුවෙන් සහභාගී කර ගනිමින් පැවැත්වීමට අවසර ලබාදී තිබේ.
එසේම 20 දෙනෙකු ට සීමා කර තිබු කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 50දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටද අවසර ලබාදී ඇති බවට එහි සඳහන් වෙයි.
කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම සඳහා ද උපරිම සැදැහැවතුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ හැකියාව පවතියි.