කටුවන ගැන සොයන්න විශේෂ කණ්ඩායම් දෙකක්
කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිටදී පසුගිය (12දා) ඇති වූ කලහකාරී තත්ත්වය හා කටුවන බෙංගමුකන්ද පදිංචි තිදරු පියාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා තංගල්ල මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.
කටුවන ගොමඩිය බෙංගමුකන්ද ප්‍රදේශයේදී පසුගිය (12දා) නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගරයක් පිළිබඳ විමසමින් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ බව කියන පහරදීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිව සිටි බී. පියදාස (57) නැමත්තෙකු ජීවිතක්ෂයට පත් ව තිබිණි.
මේ සිදුවීමත් සමග කුපිත වූ පිරිස් එදින රාත්‍රියේ කටුවන පොලීසිය එරෙහිව විරෝධය පෑ අතර පොලීසියට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කළහ.
එහිදී පොලිස් නිලධාරීන් අතින් සිදුව ඇති වැරදි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට හා එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විමර්ශන කටයුතු තංගල්ල 1 පොලිස් අධිකාරී ඒ. ගම්ලත් මහතාගේ මූලිකත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් පත් කර ඇති අතර මියගිය තිදරු පියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තංගල්ල සහකාර පොලිස් අධිකාරී බී.එම්.එම්. දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාළ පොලිස් කණ්ඩායම් සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.
සූරියවැව නුවන් ජයසේකර

popular news
-
Kumar Monday, 17 December 2018 09:25 AM
කුලියට බොරු වර්තාදෙන මරණ පරික්ෂකලා ඉන්න රටේ මරණයට ඇත්ත හේතුව දැනගන්න ලැබේද? කසිප්පු පෙරන අය පොලිස් ප්‍රහාරයෙන් මැරෙනවා කුඩු ජාවාරම් කාරයෝ පොලිසියේ මරුන වග නම් නැහැනේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
