කටුනායක සිට ඩුබායි වෙත ගුවන් ගමන් හතරක්
කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි වෙත 03/04 දින ගුවන් ගමන් 04 ක් ක්රියාත්මක වන බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව 03/04 දින පස්වරු 01.34 ට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී. - 821 ගුවන් යානය සහ පස්වරු 02.30 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 231 දරන ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
එසේම 03/04 දින රාත්රී 06.15 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය සහ රාත්රී 09.50 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතය .
එමෙන්ම 03/04 දින අලුයම 12.00 ට ඕමානයේ මස්කට් නුවර සිට ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයේ 3.ඉසෙඩ්.- 7648 දරන ගුවන් යානය ගුවන් භාණ්ඩ තොගයක් රැගෙන සහ අලුයම 12.05 ට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානය මගීන් 133 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 06 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මීට අමතරව 03/04 දින පස්වරු 04.50 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානය සහ රාත්රී 06.45 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
